April 20, 2024

හිස්බුල්ලාගේ සංවිධානයකට පිටරට ආයතනයකින් අරමුදල් සපයලා - ත්‍රස්ත කටයුතුවලට මුදල් දෙන ආයතනයක් බවට සැකයක්

September 24, 2020

දැනට අත්අඩංගුවේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් Save the Pearls නම් සංවිධානයට අයත් ගොඩනැගිල්ලක් සඳහා, ත්‍රස්ත කටයුතුවලට අරමුදල සපයන ආයතනයක් ලෙස සැකකෙරෙන කටාර්හි ආයතනයක් විසින් මුදල් සපයා ඇතිබව පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ Save the Pearls නම් සංවිධානයේ ගිණුමකට රුපියල් මිලියන 13ක මුදලක් එම කටාර් ආයතනය මගින් බැර කර ඇති බවය.  

එම කටාර් ආයතනය විවිධ ත්‍රස්ත කණ්ඩායම් සඳහා අරමුදල් සපයන තහනම් ආයතනයක් බවටත් හඳුනාගෙන තිබේ.

එබැවින් එම කටාර් ආයතනය පිළිබඳ ව තවත් පරීක්ෂණ පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

Rate this item
(0 votes)

Related items