April 23, 2024

කරුගේ ඉදිරි වැඩ කටයුතු සමගි ජන බලවේගය සමග

September 23, 2020

මේ වන විට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායකත්වය දරන හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමග එක්ව කිරීමට තීරණය කොට තිබේ.

එහි ආරම්භක පියවර ලෙස මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව කෙරෙන විරෝධතාවලදී සමගි ජන බලවේගය වේදිකාවට සම්බන්ධ වීමට නියමිතය.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය අපවත් වී වදාළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ආරම්භ කරන ලද්දක් වන අතර මීට ටික දිනකට පෙර එහි නායකත්වයට කරූ ජයසූරිය මහතාව පත්කර ගන්නා ලදී.

Rate this item
(0 votes)