March 29, 2024

20 ගැන වාසු, විමල්, උදයගෙන් විකල්ප මත - විස්සේ ඡන්ද විමසීමේ වෙනසක්

September 20, 2020

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඡන්දය විමසීම වගන්තියෙන් වගන්තිය ගෙන වෙන වෙනම සිදු කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

එහිදී ව්‍යවස්ථා සංශෝධනය ගැන විකල්ප මත දරන්නන්ට සංශෝධන ඉදිරිපත් කර සම්මත කරගත හැකි බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පැවසීය.

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සංශෝධනය ගැන සාකච්ඡා වූ මොහොතේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් යම් යම් වගන්ති ගැන විකල්ප මත ඉදිරිපත් කර තිබිණි.

එහෙත් ජනාධිපතිවරයා එහිදී දැඩිව ප්‍රකාශ කර තිබුණේ තමන් ජනපතිවරණයේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා දුන් නිසා පළමුව එය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවය. අවශ්‍ය සංශෝධන වෙතොත් කාරක සභා අවස්ථාවේදී සලකා බලමු යැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේවන විට ඉදිරි කටයුතු සම්පාදනය වෙමින් පවතින බව වාර්තා වේ.

ලබන 22 වනදා 20 වැනි සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කොට නොවැම්බර් මස 4 වනදාට පෙර එය සම්මත කර ගැනීම රජයේ අරමුණ වී තිබේ.

Rate this item
(0 votes)