April 19, 2024

විදෙස් රටවලින් උපාධි ගත් අයටත් රජයේ රැකියා

September 17, 2020

විදෙස් රටවලින් උපාධි ලබාගත් පුද්ගලයින් මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ, එම උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100ක් පමණ ලැබී ඇති බවයි.

ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව, ඉදිරියේදී සම්මුඛ පරික්ෂණ පවත්වා ඔවුන් දුෂ්කර පළාත්වල ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, පරිගණක තාක්ෂණය වැනි විෂයන් ඉගැන්වීම හා අනෙකුත් කුසලතා පවතින රැකියා සඳහා බඳවා ගන්නා බව ලේකම්වරයා සඳහන් කළේය.

ඒ හරහා විදේශ අධ්‍යාපනය ලැබූවන්ගෙන් මෙරටට සේවයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන බව ද ඔහු පැවසීය.

Rate this item
(0 votes)