April 16, 2024

කොළඹ රථ වාහන මංතීරු නීතියත් සමග ගුවන් හමුදාව ඩ්‍රෝන මෙහෙයුමක් අරඹයි (VIDEO)

September 16, 2020

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ගයේ ඇතිවන රථවාහන තදබදය අවම කිරිම සඳහා ප්‍රමුඛතා මංතීරු නීතිය බලාත්මක කිරිමට ශ්‍රී ලංකා පොලිසිය ඊයේ දිනයේ සිට කටයුතු යොදා තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් පසු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වාහන තදබදය අවම කිරිම සඳහා යළි බලාත්මක කෙරෙනු මෙම මංතීරු නිතිය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පොලිසියේ සහය සඳහා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ අනුව කොළඹ නගරයට ප්‍රධාන පිවිසුම් මාර්ග ලෙස සැලකෙන රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල සහ ගාලු පාර ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා 04ක් උපයෝගී කර ගනිමින් නිරීක්ෂණ කටයුතු වල යෙදී සිටියි.

මෙම ඩ්‍රෝන යානා මගින් මාර්ග තදබදයට අදාළව ලබා ගන්නා තොරතුරු එසැණින් පොලිසිය වෙතට ලබාදීමට පියවර ගනු ලබන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මේ ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා යොදවා තිබු ආකාරයයි, 

Rate this item
(0 votes)