March 28, 2024

13වැනි කොවිඩ් මරණය වාර්තා වේ

September 14, 2020

බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත රෝහලේ දී අද (14) මියගොස් තිබේ.

ඔහුව පසුගිය 9 වන දා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් -19 වැළඳී ඇති බව තහවුරුවී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු 60 හැවිරිදි පුද්ගලයෙක් බවත් පසුගිය 2 වැනිදා මෙරටට පැමිණ ඇති බවය.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුට හෘදයාබාධයක් ද වැළඳී ඇති බවය.

එම පුද්ගලයා නුගේගොඩ පදින්චිකරුවෙකි.

Rate this item
(0 votes)