March 28, 2024

උපවාසයකින් මිය ගියේ තිලීපන් විතරයි - මිනිහත් ලෙඩෙක් : අනිත් ඔක්කොම දවස් දෙක තුනෙන් නැගිට්ටා

September 13, 2020

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ආහාර වර්ජනය කරමින් උපවාසයක නියැලෙන හිරකරුවන් පිරිස සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදහස් දක්වමින් මෙරට උපවාස වල ඉතිහාසය පිළිබඳව ද මතක් කිරීමක් කර තිබේ.

මෙරට උපවාසයේ සිටිමින් මිය ගිය එකම පුද්ගලයා තිලීපන් බව සඳහන් කරන ආරක්ෂක ලේකම්වරයා ඔහු මිය ගියේ උපවාසයෙන් නොව ලෙඩෙක් නිසා බවද පෙන්වා දී තිබේ.

ප්‍රභාකරන් තිලීපන් ව උපවාසයට වාඩි කරවනු ලැබුවේ ඔහු ලෙඩෙක් නිසා මිය යන බව දැන දැනම බවද සඳහන් කරයි.

අන් උපවාස සියල්ලම දවස දෙක තුනක් යද්දී බඩගින්න ඉවසන්න බැරි තැන දන්නා කියන අයෙක් ලවා බීමක් ගෙන්වා ගෙන එය පානය කොට උපවාස අත්හැරී අය බවද පෙන්වා දී තිබේ.

මිට කලකට පෙර විමල් විරවංශ අමාත්‍යවරයාද කොළඹ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට මේ ආකාරයේම උපවාසයක් දින දෙකක් තුළ කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 September 2020 22:14