April 25, 2024

එජාපයේ 74 වැනි සංවත්සරය වෙනුවෙන් හරින් තැබූ ෆේස්බුක් සටහන Featured

September 07, 2020

පක්ෂය දිනවීමට හැකි තරුණ නායකත්වයකට එය භාර කිරිමට වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හැකියාව ලැබේවා යනුවෙන් තමන් ප්‍රාර්ථනා කරන බව සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සරය වෙනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන පහතින්,

එක්සත් ජාතික පක්ෂයේ 74 වෙනි සංවත්සරය වෙනුවෙන්

මම දේශපාලනය හදුනාගත් මම දේශපාලනය ඉගෙන ගත් පක්ශය ,එක්සත් ජාතික පක්ෂයයි.
පළමුවෙන්ම මම එක්සත් ජාතික පක්ෂයේ 74 වෙනි සංවත්සරයට සුබ පතමි.

2000 වසරේ පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස ක්‍රියාකාරී දේශපාලනය ට අවතීර්ණ වූ මට 2004 වසරේ දී බදුල්ල ප්‍රචාරක ලේකම්වරයා වශයෙන් සහ පසුව 2006 වසරේදී බදුල්ල ආසන සංවිදායකවරයා වශයෙන්ද අතිවිශාල සේවයක් එක්සත් ජාතික පාක්ෂිකයා වෙනුවෙන් කරන්නට හැකිවීම ගැන සතුටු වෙමි.

එවකට දිනෙන් දින ප්‍රජාතන්ත්‍රවාදය වැලලෙමින් යන සමයක එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මම මාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයද කැප කරමින්,ඌව පලාත් සභා මැතිවරණය සදහා ඉදිරිපත් වූයේද ආදරණීය පාක්ෂිකයින් වසර ගනණාවක් බලාසිටි විජයග්‍රහණයක් ඉන් අනතුරුව ලබාදීමට මුල් පියවරක් වශයෙනි.අප එම වගකීම ද ඉෂ්ට කලෙමු.

අද මට තවත් විශේෂ දිනයකි.ඒ එවකට පක්ෂය බෙදී වෙන් වී අර්බූද රැසක තිබූ අවධියක එක්සත් ජාතික පක්ශයේ හිටපු නියෝජ්‍ය නායක සහ වත්මන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රෙමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව සියලූම බේද පසෙකලා එකම වේදිකාවකට කැදවන්නට හැකි වුයේ අද වැනි දිනයකදීය.ඊට මුල් වී ක්‍රියා කරන්නට මට හැකීවීමත් පක්ශයේ සමගිය ආරක්ශා කරන්නට හැකිවීමත් ගැන මට ඇති වූයේ සතුටකි.ඒ සියල්ල හරහා පක්ෂයේ කිසිදු තනතුරක් හෝ බලාපොරොත්තු නොවූ මාගේ එකම අරමුණ වූයේ එක්සත් ජාතික පාක්ෂිකයා දිරිමත් කිරීමයි.වසර ගනනාවක් ඔවුන් තුල තිබූ සුබ සිහිනය සැබෑ කරලීමයි.

ඌවෙන් පටන් ගත් සටන අපි අවසාන කලේ එක්සත් ජාතික පක්ශය ප්‍රමුක ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන්ය.නමුත් ඒ වසර ගනනක උත්සාහය ව්‍යර්ථ විය.පෞද්ගලිකව මා හට කොතරම් තනතුරු අමාත්‍යදූර පක්ෂ නායකත්වය විසින් ලබා දුන් නමුත් අහින්සක එක්සත් ජාතික පාක්ෂිකයා ගැන සොයා බලන්නට ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යමක් කරන්නට පක්ෂ නායකත්වයට කිසිදු විටෙක අවශ්‍යතාවක් නොවීම කනගාටුවට කරුණකි.

කෙසේ නමුත් 2018 වසරේ ඔක්තොබර් මාසය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කලු දවස් 52ක ආරම්භයක් විය.එදා රටපුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් රැස් කරමින් යුක්තියේ හඬ සහ යුක්තියේ ‍යාත්‍රා ආරම්භ කරමින් “අපි UNP ” සමාජ ජාල මෙහෙයුම හරහා රටේ බහුතරයක් තරුණ තරුණියන් එකතුකරමින් සම්බන්ධීකරණ කරමින් ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංගනය කිරීමට එරෙහිව රටක් අවදිකරන්නට මා හට හැකියාව ලැබුන බව කිව යුතුය. එදා දින ගනන් අප අවදියෙන් සිටිමින් වෙහෙසුනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් පක්ෂයේ අනාගතයත් රැකීම වෙනුවෙන්‍ ය.

කෙසේ නමුත් එදා පක්ෂය රකින්නට පෙරට ආව ලක්ෂ ගනණක් පාක්ෂිකයින් ගේ බලාපොරොත්තු සඵල කරන්නට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නොහැකි විය.ඔවුන්ගේ හදවත් හදුනා ගන්නට නොහැකි වූ බවක් පෙනුනි. 2015න් පසු ජයග්‍රහණය කලත් නායකත්වයේ දුර්වලතා මත අපට අහිමිවූ දක්ශ දේශපාලකයින් රසක් සිටී. තවද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස් කොතරම් හොද වුනත් ඔහුට ඒවා සාර්ථකව ක්‍රියාත්මක කරගැනීමේ සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී තිබූ දුර්වලතා රැසක් පැන ණැගුනි.ඒ හේතුවෙන් අපට නව ශක්තිමත් දූරදර්ශී නායකත්වයක් කරා යන්නට අවසානයේ අවස්තාවක් උදාවුනි.

කෙසේ නමුත් පසුගිග මැතිවරණ ප්‍රතිඵලයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජය සුලු පටු නොවෙයි.ලංකාවට නිදහස ගන්න මුල් වුන් මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා විසින් නිර්මානය කල ලංකාවේ විශාලතම පැරණිම පක්ෂය
සහ පෞද්ගලිකව මා ගේ දේශපාලන පාසල වූ පක්ෂය එලෙස පරාජයට පත් වීම සම්බන්දයෙන් දුකක් මිස සතුටක් නොමැත.

කෙසේ නමුත් කිසිම විටෙකවත් මා පක්ශය හැරගියා කියා නොසිතන අතර 74 වෙනි සංවත්සරය සමරන අවස්තාවේදී මා ගේ ප්‍රාර්ථනය වන්නෙ පක්ශයේ ඉතිහාස නායකයින්ගේ අභිමානය රැකෙන පරිදි ඔවුන්ගේ දර්ශනය ඉදිරියට ගෙන යා හැකි එක්සත් ජාතික පක්ෂය දිනවීමට හැකි ශක්තිමත් නායකත්වයකට පක්ෂය බාර දීමට වත්මන් නායකත්වයට හැකි වේවා යන්නයි.

තවද වසර 74කට පසුව මෙවර පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු නොමැති වීම ගැන මා අතිශය කණගාටු වෙමි.විශේෂයෙන් කිව යුතු තවත් කාරණයකි.එනම් පෞද්ගලිකව මා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු ගැටීමක් හෝ අමනපයක් නොමැති අතර එතුමාට අද ද ඒ ආකරයෙන්ම ගෞරව කරන බවද කිව යුතුමය.නමුත් එතුමාගේ තිබූ මා පෙර කී දුර්වලතා හේතුවෙන් අද තවමත් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට නම් කරගැනීමටවත් හැකිවී නැත.කෙලින් තීරණ නොගැනීම හේතුවෙන් පක්ෂය තව තවත් අර්බූද වලම ගිලෙමින් තිබෙනු දක්නට ඇත..

මාගේ වසර විස්සක පමන කෙටිකාලීන ක්‍රියාකාරී දේශපාලන කාලය තුල 2006 බදුල්ල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් යුද්ධය අවසන් වී දින 10කින් පලාත් සභාවේ ප්‍රතමයා වී ජාතික දේශපලන ගමන ආරම්භ කළ මා හට දේශපලනයට මුල් ගුරු කම් දුන් එක්සත් ජාතික පක්ෂයට මා සදා ණය ගැති වන අතර ඊට සදා ආදරය කරමි.

Rate this item
(0 votes)