December 09, 2023

ඉන්ධන නෞකාවේ ගින්න නිවා දැමුවා - ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය

September 04, 2020

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවූ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කර සිටියි. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර සිටියහ.

ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මෙම මෙහෙයුම සඳහා සිය නෞකා 06ක් සහ ගුවන් නිරීක්ෂණ යානා දෙකක් යොදවා තිබු බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේය.

ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව නෞකා දෙකක්, ඩෝරා යාත්‍රාවක් සහ ටග් යාත්‍රා 03 ක් ද ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් සහ ගුවන් නිරීක්ෂණ යානා දෙකක් ද මෙම මෙහෙයුමට එක් කොට තිබුණි.

Rate this item
(0 votes)