April 24, 2024

පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුවක් වෙනුවට සහල් කැඳ වීදුරුවක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ගොවිජන මන්දිරයේ ඊයේ (27) පැවැති සාකාච්ඡාවක දී මේ පිළිබඳ සාකච්ඡා වී තිබේ.

පාසල් සිසු දරුදැරියන් අතර පෝෂණ ඌනතාවයන් මෙන්ම අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග ද ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

ඊට පිළියමක් ලෙස වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල්වලින් කැඳ වීදුරුවක් ලබා දීම වඩා වැදගත් බව එම සංගමය පෙන්වා දී ඇත.

Rate this item
(0 votes)