September 30, 2023

අපේක්ෂා රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ගැටලුවක්

මහරගම අපේක්ෂා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේදී යම් ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇති බවට රෝගීන් චෝදනා කරයි.

විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව දින ගණනක් පුරාවට ඔවුන් රෝහල අවට ස්ථානවල තාවකාලිකව රැඳී සිටීමට සිදුව තිබේ.

අදාල විකිරණ යන්ත්‍රවල යාවත්කාලීන කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුව ඇති බව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)