ජනාධිපතිවරයාගේ පනිවිඩයක් රැගෙන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් වරාය පරිශ්‍රවයේ පැවැති විරෝධතා පැවැත් වූ ස්ථානයට ගියේ එහි වෘත්තීය සමිතිවල ආරාධනාවකට බව වරාය අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ආරාධනාවකට අනුව එහි ගිය එම දෙපළට විරෝධතාකරුවන් හූ කීම සහ විරෝධය දැක්වීම පහත් ක්‍රියාවක් බවද ඔහු සඳහන් කරයි. විරෝධතාකරුවන්ගේ හූ තැබීම සහ විරෝධය මත වීරවංශ සහ ගම්මන්පිල යන මහත්වරුන්ට වෘත්තීය සමිති සමඟ කිරීමට බලාපොරොත්තු වූ සාකච්ඡාව වෙනත් ස්ථානයක කිරීමට සිදු වු අතර එය අසාර්ථක වූ බවද වාර්තා විය.