March 28, 2024

“රාජපක්ෂලාට වැඩි බලයක් දුන් හැම අවස්ථාවේ ම වැඩ අනා ගත්තා”

රාජපක්ෂවරුන්ට වැඩි බලයක් දුන් හැම විටම වැඩ වරද්දගන්නා බව පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා කිරීමට තමන් වහන්සේලාද සැලැකිය යුතු දායකත්වයක් ලබා දුන් බව මතක් කරන උන්වහන්සේ රාජපක්ෂලා අමුතුම ජාතියේ පිරිසක් බව සඳහන් කරයි.

රාජපක්ෂවරුන් රටට එරෙහි ද්‍රෝහික් කිරීමට සුදානම් වුවහොත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳවද තමන් වහන්සේලා දන්නා බවද උන්වහන්සේ සඳහන් කරයි.

උන්වහන්සේ මේ අදහස් පළ කරේ වරාය භූමියේ දියත් කළ විරෝධතාවයට සහය දැක්වීමට පැමිණි අවස්ථාවේ ය.

Rate this item
(1 Vote)