April 25, 2024

හරීන්ගේ වැඩපිළිවෙල ගැන පක්ෂයේ ජේෂ්ඨයන් කළකිරීමෙන් Featured

සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳව එහි ජේෂ්ඨයන් තුල දැඩි අප්‍රසාදයක් හටගෙන තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

විශේෂයන්ම මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සමස්ත රට පුරාම සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල වගකීම භාරගෙන තිබෙන හරීන් ප්‍රනාන්දු මහතාගේ ක්‍රියාකලාපය එම ජෙෂ්ඨයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.

හරීන් ප්‍රනාන්දු මහතා මැතිවරණය පිලිබඳ කෙරෙන සමාලෝචන රැස්වීම් වලට සහභාගී නොවීම මෙන්ම පමාවී සහභාගී වීම, ප්‍රචාරක රැස්වීම් වලදී අනවශ්‍ය කතා කීම හා මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීමට තරම් සුදුසු සෞඛ්‍ය සම්පන්න බවක් නොතොබිම ජෙෂ්ඨයන්ගේ මෙම අප්‍රසාදයට හේතු වී තිබේ.

මෙවර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ අවස්ථාවට වඩා වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් සමගි ජන බලවේගයට දිනා ගැනීමට හැකි වන්නේ සංවිධානයේ ඇති දක්ෂ කමකට නොව කොරෝනා වලට පින්සිදු වන්නට බව එම ජේෂ්ඨයන් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 July 2020 22:03