April 20, 2024

හරීන් අගරදගුරුගෙන් කිසිදු සමාවක් ඉල්ලා නෑ - සාමාන්‍ය බැහැදැකීමක් පමණයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය ජාතික ලයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරුතුමන් හමුවූ පමණින් ඔහු කල අපහාසයට කතෝලික ජනතාව ගෙන් සමාවක් නොලැබෙන බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නිමල් ලංසා මහතා පවසයි.

හරීන් ප‍්‍රනාන්දු මහතා අගරදගුරු තුමන් සාමාන්‍ය ආකාරයකට බැහැදැකීම පමණක් සිදුකළ බවත් ඔහු විසින් සිදු කළ අපහාසයට කිසිදු ආකාරයකින් සමාවක් නොගත් බවත් ඒ ගැන මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් නොකලේ ඒ නිසා බවත් ලංසා මහතා පැවසීය.

අගරදගුරු තුමන් සමග එකට සිට ගත් ඡායාරූප මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කලද කතෝලික ජනතාව ඊට රැවටෙන්නේ නැතැයිද ඔහු පැවසීය.

හරීන් ප්‍රනාන්දු වැන්නෙකුට අගරදගුරු තුමන් හමු බැහැදැකීම සුදුසු නොවුනද කාදිනල් හිමියන්ගේ නිහතමානි කම නිසා එම අවස්ථාව හිමි වී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)