April 19, 2024

තැපැල් ඡන්දෙට තවම දින නෑ - මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින වකවානු මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද දින පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම කොමිසම සදහන් කළේය. 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සදහන් කර තිබේ.

මෙම මැතිවරණයට අදාල කාර්යයන් සිදු කිරීමේ දින නියම කිරීමට අදාල කිසිදු මැතිවරණ කොමිෂන් සභා පත්‍රිකාවක් කොමිෂන් සභාවට ඉදිරිපත්ව නොමැති අතර එවැන්නක් සකස් කර හෝ නොමැති බව විෂය භාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තමන් වෙත දැනුම් දී ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා අදාල නිවේදනය මගින් පෙන්වා දී ඇත.

Rate this item
(0 votes)