April 18, 2024

අමරවීර සඳුදා කියූ අනාවැකිය හරියයි - මගීන්ගේ ප්‍රසාදය Featured

තමාට ඊයේ (26) රාත්‍රිය වන විට බස් රථ ධාවන සම්බන්ධයෙන් බැනුම් ඇසීමට සිදුවෙන බව පෙරේදා (25) මගී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශය ඊයේ (26) උදෑසන වෙන විට සත්‍ය බව සනාථ විය.

ඒ උදෑසන රාජකාරී සඳහා ඒමට ඉතා ස්වල්ප බස් රථ ප්‍රමාණයක් ධාවනය වීම මත මගීන්ගේ දැඩි අප්‍රසාදය අමරවීර මහතා වෙත එල්ල වීම නිසාය.

ඉකුත් ඉරිදා සහ සඳුදා මුළු රටටම ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඉකුත් සෙනසුරාදා ලංගම බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් බස් රථ විශාල සංඛ්‍යාවක් ඩිපෝවල ගාල් කොට නිවෙස් බලා ගොස් තිබුණි. නැවතත් ඔවුන්ට බස් රථ ධාවනය කිරීමට ඩිපෝවලට වාර්තා කිරීමට සිදු වුයේ ඊයේ (26) දහවල්ය.

මේ තත්ත්වය අමරවීර මහතා දැන සිටියත් ඔහු ඊට විසඳුමක් නොයෙදුවොත් තමන් අසමත් බව පිළිගැනීම මගී ජනයාගේ ප්‍රශංසාවට හේතු වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2020 22:58