April 25, 2024

අමෙරිකානු යෝජනාව සම්මතයි

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී වැඩි ඡන්ද 11 කින් අද(27) සම්මත වී තිබේ. 

 

ඒ අනුව එම යෝජනාවට පක්ෂව ඡන්ද 23ක්ද විපක්ෂව ඡන්ද 12ක් ද ලැබූ අතර ඉන්දියාව ප්‍රමුඛ රටවල් 12ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටින ලදී. 

ඒ අනුව ආර්ජන්ටිනාව, ඔස්ට්‍රියාව, බෙනින්, බොස්ට්වානා, බ්‍රසීලය, චිලී, කොස්ටාරිකා, කොටේ ඩි.වොරේ, චෙක් ජනරජය, ඇස්ටෝනියා, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, මෙක්සිකෝව, මොන්ටේගු, පේරු, දකුණු කොරියාව, රොමානියාව, සියෙරා ලියොන්, මැසිඩෝනියාව, එක්සත් රාජධානිය, අමෙරිකාව යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. 

අමෙරිකානු යෝජනාවට විරුද්ධව ලංකාවට පක්ෂපාතීව ඇල්ජීරියාව, චීනය, කොංගෝව, කියුබාව, කෙන්යාව, මාලදිවයින, පකිස්ථානය, රුසියාව, සෞදි අරාබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වෙනිසුයිලාව හා වියට්නාමය යන රටවල් ඡන්දය ප්‍රකාශ කරන ලදී. 

බර්කිනා ෆසෝ, ඉතියෝපියාව, ගැබොන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසකස්ථානය, ක්වෙයිට්, මොරොක්කෝව, නැම්බියාව, පිලිපීනය හා දකුණු අප්‍රිකාව යන රටවල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. 

මෙවර ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි. යුද්ධය පැවැති සමයේදී මෙරට සිදුව ඇතැයි පවසන මානව හිමිකම් උල්ලංඝණයවීම් ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක් විසින් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට අදාලව මෙම ඡන්ද විමසීම සිදුකෙරිණ. 


Rate this item
(0 votes)
Last modified on Thursday, 27 March 2014 21:20