April 24, 2024

තැපැල් විරෝධය පුස්සක්

අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයාගේ නිල නිවස සංචාරක බංගලාවක් බවට ඉදි කිරිමට විරෝධය දක්වමින් එහි සේවකයින් 27 වැනිදා පෙරවරුවේ සත්‍යක් ග්‍රහයක නිරත වුවද එම විරෝධය නොතකමින් තැපැල්පතිවරයා විසින් නව බංගලාව විවෘත කෙරිණ.

මෙම නිවාඩු නිකේතනය විවෘත කිරිම සඳහා තැපැල්පති ඩිඑල්පිආර් අභයරත්න මහතා කාර්යාල පරිශ්‍රයට පැමිණෙන විටත් විරෝධතා පුවරු රැගෙන සිටි සේවක සේවිකාවන් කාර්යාල ඉදිරිපිට රුසව සිටියේය.

එම ඉදිරිපසින්ම ගමන්කළ තැපැල්ලතිවරයා ඇතුළු නිළධාරින් නව නිවාඩු නිකේතනය විවෘත කළේය.

අනුරාධපුර තැපැල්  කාර්යාලිය වෘත්තීය සමිති එකමුතුව මගින් මෙය ක්‍රියාත්මක කළ අතර තැපැල් කාර්යාල පරිශ්‍රයේ කළුකොඩි දමා විරෝධය පළ කළ සේවක සේවිකාවන් පෙරවරු 9.00ට සිය රාජකාරිවලින් ඉවත්ව සිටියේය.

පැය දෙකකට වැඩිකාලයක් පැවති මෙම විරෝධතාවය හේතුවෙන් පාරිභෝගික ජනතාවද අපහසුතාවට ලක්වුහ.

අමිල ප්‍රභාත් වනසිංහ

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 March 2014 14:09