April 25, 2024

කොළඹ දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකාව දිගින් වැඩියි

මෙවර පළාත් සභා මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික් ජන්ද දායකයන් වෙනුවෙන් සකස්කර ඇති ඡන්ද පත්‍රිකාව දිගින් වැඩිම ජන්ද පත්‍රිකාව වන බව මැතිවරණ කාර්යාලය පවසයි.

එය දිගින් අඟල් 24.5 ක් එනම් අඩි දෙකක් පමණවන බව ද පැවසේ.

දේශපාලන පක්ෂ දහඅටක සහ ස්වාධීන කණ්ඩායම් 11ක නම් ඇතුළත්ව සකස් වී ඇති මෙම ඡන්ද පත්‍රිකාවෙහි මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් හතළිස් තුන්දෙනෙකුගේ මනාප අංක සඳහන්ව ඇති බව ද මැතිවරණ කාර්යාලය පවසයි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 March 2014 11:19