March 29, 2024

තුන්නානට පිටින් ඇවිල්ලා 

හංවැල්ල තුන්නාන සිද්ධියේදී නීතිය අතට ගෙන ක්‍රියා කළේ කවුරුන්ද යන්න එම ජනතාව පවා නොදන්නා බවත් මේ සඳහා බාහිරින් පැමිණි පිරිසක් නායකත්වය ලබා දී ඇති බව පෙනී යන බවත් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මෙම උද්ඝෝෂණය මෙහෙයවමින් ජනතාව නොමඟ යවමින් කලහකාරී ලෙස හැසිරී ප්‍රශ්ණයක් ඇති කිරීමට මෙහි පිටුපස ඇතැම් විට දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති පුද්ගලයින් සිටිය හැකි බවත් රතුපස්වල සිද්ධියේදීද යම් කණ්ඩායමක් ඒ පිටුපස සිටි බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ සිද්ධියේදී ගමේ පුද්ගලයෙකු මිය ගියේ නම් මෙම නොසන්සුන්තාව තවත් දරුණු ආකාරයකට වෙනස් වීමට තිබූ බවත් නමුත් එහිදී ආරක්ෂක අංශ අවම බලය ගෙන කටයුතු කළ බවත් නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට එම ජනතාවට කවුරුන් හෝ පොළඹවා ඇති බව ඉන් පෙනී යන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

එම සිද්ධියෙන් අහිමි වූයේ පොලිස් නිලධාරියෙකුගේ වටිනා ජීවිතයක් බවත් එම සිද්ධියට පෙර දිනයේදී තමන් එම ස්ථානය ගොස් සාකච්ඡා කර විසඳුමකට පැමිණ තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.  

 

Rate this item
(0 votes)