March 29, 2024

එජාප අපේක්ෂකයාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් 

එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂක ජෝර්ජ් පෙරේරා මහතාගේ නිවසට අද(24) අළුයම 03.45 පමණ අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා වන බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

කැළණිය පිලපිටිය ප‍්‍රදේශයේ පිහිටි ජෝර්ජ් පෙරේරා මහතාගේ නිවසට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවත් ඉන් කිසිවෙකු තුවාල වී නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම ප්‍රහාරය පිටුපස එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ජෙවන් පෙරේරා මහතාගේ පිරිසක් සිටින බව සැක පළ කර තිබේ.

කැළණිය පිලපිටිය ප‍්‍රදේශයේ පිහිටි එජාප අපේක්ෂකයෙකුගේ නිවසකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයකදී ඔහුගේ නිවස ආසන්නයේ තිබී අත්බෝම්බයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 March 2014 13:12