April 20, 2024

රනිල් රාජපක්ෂ පවුලේ සහෝදරයෙක්ද?

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා හතරවෙනි රාජපක්ෂ සහෝදරයා ලෙස රනිල් රාජපක්ෂ වන බවත් විපක්ෂයේ සිටින ප්‍රබලයන් එලවා දමා  විපක්ෂය දිය කර හැරීම ඔහුගේ කාර්යය බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

පසුගිය දා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත ආසනයේ කිරම පොළ අසල ජන හමුවට  සහභාගී වෙමින් මහ ඇමතිවරයා මේ බව පැවසී ය.

විනය කමිටු, නායකත්ව මණ්ඩල හදල රජය ශක්තිමත් කරන බැවින් ඔහු රනිල් රාජපක්ෂ බව ද හෙතෙම පෙන්වා දුන්නේය. 

“ රනිල් කියන්නේ හතරවෙනි රාජපක්ෂ සහෝදරයා. පළවෙනි සහෝදරයා චමල් රාජපක්ෂ, එයා පාර්ලිමේන්තුවෙ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරනවා.‍ දෙවෙනි සහෝදරයා බැසිල් රාජපක්ෂ, එයා රටේ ආර්ථිකය අතට අරගෙන යෝධ සංවර්ධන වැඩ මගින් ආණ්ඩුවට උදව් කරනවා. තුන්වෙනි සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ. එයා නගර නිර්මාණ, සංවර්ධන වැඩ කටයුතුවලින් ලොකු හයියක් වෙනවා.“ යැයි දයාසිරි ජයසේකර මහතා පැවසී ය. 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 March 2014 17:26