March 29, 2024

සූදු කෙලියට ගිය මන්ත්‍රී සමඟ 07ක් මාට්ටු  

මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරතව සිටි මහව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් මහව ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර ඔවුන් සන්තකයේ තිබී මුදල් රුපියල් 1400ක් සහ බූරු කුට්ටමක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මහව දළදාගම ප්‍රදේශයේ දී මහව පොලිසියට ලද තොරතුරක් මත නිවසක් වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. සැකකරුවන් 07දෙනා පොලිස් ඇප මත මුදා හැර ඇත.

මෙම සැකකරුවන් ලබන 26 වැනි දා මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මහව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Rate this item
(0 votes)