April 26, 2024

යොවුන් මැතිසබේ හත් වැනි සැසිය අද 

ශ්‍රී ලංකා යූත් දෙවැනි පාර්ලිමේන්තුවේ හත් වැනි සැසි වාරය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) මහරගම ශ්‍රී ලංකා යූත් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. 

"ලෝක තරුණ සමුළුවේ ප්‍රකාශනය, ගෝලීය සංවර්ධනය කෙරෙහි ඇති කරන බලපෑම, වත්මන් තරුණ පරපුර ලෙස ඔබ දකින ආකාරය" යන තේමාව යටතේ මෙහිදී විවාද පැවැත්වේ.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

Rate this item
(0 votes)