April 20, 2024

ජනපති මහ නාහිමි හමුව හෙට

ජිනීවා තත්ත්වය පිළිබඳව දැනුවත් වීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම පිළිගෙන ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ජිනීවා තත්ත්වය පිළිබඳව රටේ පවතින පරස්පර විරෝධී අදහස් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක, අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන්ගේ සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබිණි. 

ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකා වි‍රෝධී යෝජනාවලියක් ඉදිරිපත් කිරීම රට යළි පරිහානියට ඇද දැරීමට උත්සාහ දැරීමක් බව ද මහනාහිමිවරුන් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

අමාත්‍යවරුන් වන ජී.එල්.පීරිස් සහ මහින්ද සමරසිංහ සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙන ලෙස සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

රටේ ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය ලබා ගැනීමට එම සාකච්ඡාව මගින් අවස්ථාව උදාවනු ඇති බවද එම ලිපියේ දැක්වේ.

 

Rate this item
(0 votes)