March 29, 2024

ලාංකිකයෙකු එතෙර දී ලිංගික අතවරයකට වරදකරු වෙයි

එංගලන්තයේ දේශපාලන පක්ෂයක මැදිහත්වීමෙන් සරණාගතභාවය ලැබූ ශ්‍රී ලාංකිකයෙකු එරටදී සිදුකළ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් වරදකරු වී තිබේ.

මෙලෙස වරදකරුවකු වී ඇත්තේ සිවරාජා සුගන්දන් නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.

වාර්තාවන අන්දමට මොහු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට මීට පෙර පියවර ගත්ත ද එරට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් එය වළක්වා තිබේ.

කෙසේ වුවද 2014 වසරේ එංගලන්තයේ - බ්‍රිස්ටල් නුවරදී වයස අවුරුදු 21ක කාන්තාවක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල විය.

පසුගියදා අධිකරණයේදී ඔහු එම චෝදනා පිළිගැනීමෙන් අනතුරුව එරට අධිකරණය අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔහු වරදකරු කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 August 2016 11:09