April 19, 2024

අස්වර්ගේ තැන නැතිවෙයි

අස්වර් මන්ත්‍රීවරයා මූලාසනයට පැමිණීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විරෝධය පළ කිරීම නිසා මන්ත්‍රීවරුන්ගේ හූ හඬ මධ්‍යයේ අස්වර් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මූලාසනයෙන් බැස යාමට අද(20) සිදුවිය.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී කතානායක චමල් රාජපක්ෂ මහතා මූලාසනය සඳහා ඒ.එච්.එම් අස්වර් මන්ත්‍රීවරයාට ආරාධනා කරමින් පිටව ගොස් ඇත.

අස්වර් මන්ත්‍රීවරයා මූලාසනයට පැමිණි විගස නැගී සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඊට විරෝධය පළ කරමින් අදහස් දැක්වූ අතර කතානායකවරයා සමඟ මීට පෙර කළ සාකච්ඡාවකදී අස්වර් මන්ත්‍රීවරයා මූලාසනයට පැමිණීම නවතා තිබූ බවත් එසේ තිබියදී නැවත පැමිණීමට විපක්ෂය විරුද්ධ බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

අස්වර් මන්ත්‍රීවරයා පස්වරු 2.40ට පමණ මූලාසනයට පැමිණ ඇති අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ  පස්වරු 3.00ට පමණ මූලාසනයෙන් බැසයාමට සිදුවිය.

 

Rate this item
(0 votes)