April 25, 2024

අඹගමුවේ විදුහල්පති සිසුන්ගේ රෙදි ගලවයි

අඹගමුව ද්විතීක පාසලේ 20 වැනි දා පැවති ගුරු දෙගුරු රැස්වීමක දී එහි විදුහල්පති තිලක් නවනන්දන මහතා පාසල් සුබසාධන සංගමයට මුදල් නොගෙ වූ සිසුන්ගේ නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

පවතින අධ්‍යාපනික සංකල්පවලට පටහැනි ව සිසුන් ලැජ්ජාවට පත්කරමින් එම විදුහල්පතිවරයා ක්‍රියා කළ ආකාරය පාසල් ගුරුවරුන්ගේ ද දෝෂ දර්ෂණයට ලක් ව ඇත.

තමාට අවශ්‍ය ව ඇත්තේ මුදල් බවත් එහෙයින් තමා මාධ්‍යට සහ පෙත්සම්වලට බිය නොමැති බවත් අදාල විදුහල්පතිවරයා එම මුදල් ඉල්ලන අවස්ථාවේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

එම විදුහල්පතිවරයාට එරෙහි දුෂණ චෝදනා ඉදිරිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයට පෙත්සම් කිහිපයක් ද ලැබී තිබේ.

අද දවස තුළ ඊට විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අප සම්බන්ධ කරගත් අවස්ථාවේ දී සඳහන් කළේ ය.

මෑත කාලය තුළ දී විදුහල්පතිවරුන්ගේ නොමනා හැසිරීම් මත පාසල් සිසුන් මියගිය ප්‍රවෘත්ති කිහිපයක් වාර්තා වූ අතර කුරුණෑගල සර් ජෝන්කොතලාවල පාසලේ විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය ඒ සඳහා කදිම නිදර්ෂනය ලෙස පෙන්වා දිය හැකි ය. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 March 2014 14:57