March 28, 2024

කටුනායක ගුවන්තොටුපොලේ හොර රැකියා ජාවරමක් 

කටුනායක ගුවන්තොටුපොලේ ඉහළ වැටුප් ලබාදෙන බව පවසා පුවත් පත් දැන්වීම් පළකර රැකියා බලාපොරොත්තුවන්නන්ගෙන් මුදල් ගැනීමේ ජාවරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත.

දිවයිනේ ප්‍රදේශ ගණනාවක පිහිටි රැකියා නියෝජිත ආයතන මගින් රුපියල් තුන් දහසක් අයකර රැකියාවලට බොහෝ පිරිසක් දිනපතා ගුවන්තොටුපොලට පිටත් කර එවති.

මෙසේ එවන අයගෙන් පරීක්ෂණ සඳහා තවත් රුපියල් 1,000 ක් ගුවන්තොටුපොලේ සිටින නියෝජිතයෙකු අයකර ගන්නා බව මෙසේ රැකියාවට පැමිණි තරුණියක් පැවසී ය. 

නමුත් එවැනි පරීක්ෂණයක් නොකරන බව ද ඇය කියයි.

ගුවන් යානාවලට ආහාර සපයන ආයතනයක පිළුණු ආහාර ඉවත් කිරීමට යොදවන මෙම සේවකයින් ට පොරොන්දු වූ වැටුප නොලැබේ. 

බොහෝ පිරිස් කෙටි කලකින් සේවය අත්හැර යන බවත් සමහර අය වැටුප් ලබා ගැනීමට පවා නොපැමිණෙන බවත් මසකින් රැකියවෙන් ඉවත් ව වෙළෙඳ කලාපයේ රැකියාවට පැමිණි තරුණියක් පැවසී ය.

ප්‍රසාද් කුමාරසිරි 

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 March 2014 16:52