April 20, 2024

සරසවි සිසුන් දෙදෙනා මියයෑමේ විමර්ශන CIDයට

February 17, 2016

2012 වසරේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර තිබේ.

නුවර පාර ඉඹුල්ගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව මියගිය ජනක බණ්ඩාර ඒකනායක සහ සිසිත ප්‍රියන්කර යන සිසුන් දෙදෙනා වෙනුවෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම විමර්ශනය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විසින් ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 February 2016 15:55