April 25, 2024

ගාල්ලේ ගෝඨාගෝගමට සුවිශේෂී පිරිසකුත් එක් වෙයි

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජයට වහා ඉවත්වන ලෙස බලකරමින් ගාල්ල ගෝඨාගෝගම ශාඛාව විසින් ආරම්භ කළ විරෝධතාවයට සහය පලකරමින් ඊයේ රාත්‍රි (02) ගාලුපුර අන්තර් ආගමික කමිටු සාමාජිකයින්ද එක් වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

අන්තර් ආගමික කමිටු සාමාජිකයින් ගාල්ල දුම්රිය ස්ථානයේ සිට පෙලපාලියකින් ගාල්ල නගරය හරහා ගමන්කොට ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වෙන ගාල්ල ගෝඨාගෝගම ශාඛාව වෙත පැමිණ විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

මෙම විරෝධතාවයට සහාය පල කිරිම සදහා මහා සංඝරත්නය, කලාකරුවන්,  සිවිල් සංවිධාන ක්‍රියාකාරින්, වෘත්තිය සමිති නායකයින්, පොදු මහජනතාව, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් දිනපතා අරගල භුමියට පැමිණෙන බවද අප වාර්තාකරු සඳහන් කළා.

ගාලුමුවදොර  පිටියේ පැවැත්වෙන  අරගලයට සහාය පලකරමින් ගාල්ල ගෝඨගෝගම ශාඛාව විසින්  ආරම්භ කළ  අඛණ්ඩ විරෝධතාවයට අද (03) දිනය වන විට දින 20ක් ගතවි තිබෙනවා.

Rate this item
(0 votes)