April 20, 2024

හිටපු ජනපති කට්ටඩියාට අඳි: පැනපු බණ්ඩාරට දෙහි කපයි

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධූරයක් ලබාගෙන සිටිනවා.

ඒ පක්ෂයේ මතයට පිටින් යමින්.

පක්ෂ සභාපති මතය

ශාන්ත බණ්ඩාර මහතා ගත් තීන්දුව ගැන ශ්‍රී.ල.නි.ප සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ස්ථාවරය ප්‍රකාශ කරනවා.

බණ්ඩාර මන්ත්‍රීවරයා ගත් තීන්දුව ගැන තමන්ගේ කණගාටු වන බවයි හිටපු ජනපතිවරයා සඳහන් කරන්නේ.

ඒ සමගම බණ්ඩාර මහතා ගැන අනාවැකියක්ද ඔහු පළ කරනවා.

දේශපාලන ජීවිතය

තමා විශ්වාස කරන ආකාරයට ශාන්ත බණ්ඩාර මහතා සිය දේශපාලන ජීවිතය සියතින්ම ගෙල සිඳ කරගෙන හමාර කර ගත් බවට.

මේ අවස්ථාවේ පිරිහුණු , ජනතා විරෝධී වත්මන් ආණ්ඩුවේ ඇමතිකමක් ගැනීම ගැන අවබෝධයක් නැති පුද්ගලයකු ලෙසයි බණ්ඩාර මහතාව සිරිසේන මහතා හඳුන්වන්නේ.

බණ්ඩාර මහතා කියන කතාවකටද හිටපු ජනපතිවරයා පිළිතුරු දෙනවා.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය

ඒ රාජ්‍ය ඇමතිකම ගැනීමට පෙර තමන්ට දැනුම් දුන් බවට බණ්ඩාර මහතා කරන ප්‍රකාශයටයි.

බණ්ඩාර මහතා එවැනි කිසිදු දැනුම්දීමක් තාම තරමින් දුරකථනයෙන්වත් තමාට නොකළ බව සඳහන් කරන සිරිසේන මහතා එවන් දැනුම් දීමක් කලා නම් තමන් ගන්නා පියවරද පෙන්වා දෙනවා.

එසේ නම් ඔහු සිටින තැනකට වාහනයක් යවා ඔහු ගෙන්වාගෙන එම ගමන නතර කිරීමට තමන් පියවර ගන්නා බව ඔහු සඳහන් කරනවා.

සමීප චරිතය

මෛත්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ බණ්ඩාර මහතා රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් පසු දින ශ්‍රී.ල.නි.ප පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂයේ නිලධාරී හමුවකදී.

ශාන්ත බණ්ඩාර මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉතා සමීප පුද්ගලයකු බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සිරිසේන මහතා ඔහුට ශ්‍රීලනිප තරුණ පෙරමුණද කලක් භාරදී තිබූ අතර මේ වන විට ඔහුට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක , උප සභාපති ධූර ලබාදී ඇති අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාවටද පත් කොට තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 13 April 2022 22:41