April 25, 2024

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක්

පහළ වායුගෝලයේ  කැළඹිලි ස්වභාවය තව දුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව අද (11) පස්වරුවේ නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඒ අනුව ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වැසි අත්විය හැකියි.

Rate this item
(0 votes)