April 25, 2024

තලවකැලේ වතුකම්කරුවන් විරෝධයේ (PHOTOS)

දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් සහ පෙලපාලියක් තලවකැලේ නගරයේදී පවත්වා ඇති අතර , එම උද්ඝෝෂණයට සහයෝගය දක්වා තලවකැලේ නගරයේ වෙලඳසැල් වසා දමා තිබුණා.

ඇතැම් වෙළඳසැල්වල කළු කොඩි ප්‍රදර්ශනය කර තිබු අතර,වතු කම්කරුවන් නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කර පසුව පෙලපාලියකින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණය වෙත ගොස් එහිදී උද්ඝෝෂණයක් සිදු කළා

මෙම උද්ඝෝෂණයට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් , නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් , පාර්ලිමේන්තු මන්ත්‍රී වී .රාධාක්‍රිෂ්ණන් , පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.උදයකුමාර් , පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වේලුකුමාර් යන මහත්වරුන් සහභාගී වී සිටියා.

Rate this item
(0 votes)