April 20, 2024

කෙහෙළියගේ නිවසට ගල් ප්‍රහාරයක්! ආරක්ෂාවට සිටි පොලීසියේ 5ක් රෝහලේ (PHOTOS)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි පිරිසක් වැලැක්වූ අවස්ථාවේ එහි ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් 05 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කොට තිබෙනවා.                                                  

ඊයේ (04) රාත්‍රී 08 ට පමණ තරුණ කණ්ඩායමක් මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇති අතර ඒ වැළැක්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක්ද යොදා තිබූ බව වාර්තා වනවා.

එම අවස්ථාවේ විදුලිය විසන්ධි වී තිබී ඇති අතර ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් එල්ල කරන ලද ගල් ප්‍රහාර හේතුවෙන් පොලිස් නිලධාරීන් තුවාල ලබා තිබෙන බව ඒෂීයන් මිරර් වාර්තාකරු පැවසුවා.

පසුව කඳුළු ගෑස් එල්ල කොට ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් පලවා හැර ඇති අතර තුවාල ලද එක් පොලිස් නිලධාරියකු සඳහා ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බව මහනුවර ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 05 April 2022 13:29