April 25, 2024

දැන් ගෑස් ගන්න අලුත් ක්‍රමයක්! ටොකන් එකක් රුපියල් 400යි

දින ගණනාවකට පසු හැටන් නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින් ඊයේ (01) දින ගෑස් තොග බෙදා හරිනු ලැබුවා.

හැටන් නගරයේ ඩන්බාර් ප්‍රදේශයේ පිහිටි ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා ගෑස් සිලින්ඩරයක් ලබාදිමට ටෝකන් එකක් නිකුත් කිරිමේදි ඒ සදහා අමතර රු 400 මුදලක් අය කරන බවට එම ස්ථානයේ සිටි පාරිභෝගිකයන් චෝදනා කර සිටියා.

එම පාරිභෝගිකයන් නගන චෝදනා සම්බන්ධයෙන් අප ටෝකන් නිකුත් කරන එම අලෙවි නියෝජිතයාගේ සේවකයෙකුගෙන් කල විමසුමට කියා සිටියේ ටෝකන් නිකුත් කිරිම සදහා අමතර මුදලක් අය නොකරන බවයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලබා ගැනිමට පැමිණි පාරිභෝගිකයන් කිහිප දෙනෙකුට ටෝකන් එකක් ලබා ගැනිමට නොහැකි වු නිසා අලෙවි නියෝජිතයා තමන්ට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලබාදිම ප්‍රතික්ෂේප කල බවයි.

එම පාරිභෝගිකයා මාධ්‍යට අදහස් දැක්විමත් සමග අලෙවි නියෝජිතයාගේ හිතවතෙකු සහ පාරිභෝගිකයා අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇති විය.

සිද්ධිය සම්බන්ධයෙන් අප මධ්‍යම, ඌව, සබරගමු පළාත් භාර ජෙෂ්ඨ කලමණාකරු සාරංග විජේසිංහ මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අලෙවි නියෝජිතයාගේ එම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තම සමාගමෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Rate this item
(0 votes)