March 29, 2024

මොරටුව නගරාධිපතිගේ නිවස ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක්

මොරටුව නගරාධිපති, සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවස අසළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ, විරෝධතාකරුවන් පිරිසක් නගරාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට රැස්වී විරෝධතාවක් දියත් කිරීමට සැරසීමත් සමග යි.

මේ අතර, එම විරෝධතාකරුවන් අතර සිටි පිරිසක් විසින් මොරටුව නගරාධිපතිවරයාගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

එමෙන්ම, අද මොරටුව නගරයේදී වඩු කාර්මිකයින් විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය තුළදී ත් ඔහුට බරපතල ලෙස චෝදනා එල්ල කෙරුණා.

Rate this item
(1 Vote)