April 25, 2024

පක්ෂ මාරු කරන ත්‍රිකුණාමලේ ආරියවතීටත් හූවෙන් සංග්‍රහයක්

හූව දැන් පොදු ජනයාගේ ජාතික සංකේතයක් වී තිබෙනවා.

ඒ ජනතා හූවට අළුතින්ම ගොදුරු වූයේ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියක් වූ ආරියවතී ගලප්පත්ති මහත්මියයි.

හූ සංග්‍රහය

ඇයට මේ හූ සංග්‍රහය ලැබුණේ උතුරු නැගෙනහිර කාන්තාවන් වෙනුවෙන් ධීවර සහයෝගිතා ව්‍යාපාරය සංවිධානය කළ කාන්තා දින සැමරුම් උත්සවයක් අතරතුරදී.

එහිදී ආණ්ඩුවට එරෙහි අදහස් දැක්වීමේ හේතුකොටගෙන ගලප්පත්ති මහත්මිය සංවිධායක මඩුල්ලට දෝෂාරෝපණය කරමින් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට කටයුතු කලා.

එහි සිටි ජනතාව ඇයට හූ සංග්‍රහයක් පිළිගැන්වූ අතර ඉන් ඇය දැඩි ලෙස කිපී යළිත් උත්සව සභාවට ඇතුල් වී තමාට හූ කියන්නේ කෙසේදැයි සභාව අමතමින් සිටී ඇයට දෝෂාරෝපණය කරමින් ප්‍රශ්න කලා.

බලහත්කාරයෙන් ඉවත් කිරීම

ඉන් පසු සභාවේ සිටි පිරිසක්ද එම ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කර ගෙන යෑමට ඇය උත්සාහ කරන අයුරුද දක්නට ලැබුණා.

ගලප්පත්ති මහත්මිය එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කොට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුණා.

දැන් ඇය නියෝජනය කරන්නේ පොදු ජන පෙරමුණයි.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 29 March 2022 09:35