සෝමාවති ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුලු වී දර කැඩු පුද්ගලයන් 53කුට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 53ක ශරිර ඇප අද (27) නියම කල කන්තලේ වැඩබලන මහේස්ත්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය සැකකරුවන් ට ලබන මැයි 24දා යලි අධිකරණයේ පෙනි සිටිම නියම කළා.
ශරීර ඇප නියම වූ සැකකරුවන් කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් ට්‍රැක්ටර් 8ක යාන්ත්‍රික කියත් රැගෙන රක්ෂිතයට ඇතුලු වී වියලි දර කඩද්දි අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බි.එම්.ජි.බී.දහම්පත් මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබෙනවා.
සැකකරුවන් රැගෙන ආ ට්‍රැක්ටර් 8 සම්බන්ධයෙන් වැඩිදුර විභාගය පසුවට කල් තබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අග්බෝපුර පොලිසිය මගින් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබෙනවා.