April 25, 2024

හාල් සැෂේ පැකට් එයි - ඊළඟ පෝලිම හාල් වලට

රට තුළ ආනයනික සහල් ජාවාරමක් ක්‍රියාත්මක වන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා.

පොළොන්නරුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව අනාවරණය කළා.

මේ අතර සහල් මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ ඉදිරියේ දී පාරිභෝගිකයින්ට සැෂේ පැකට් වශයෙන් සහල් මිල දී ගැනීමට සිදුවන බවයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියේ.

එමෙන්ම ගෑස්, ඉන්ධන පෝලිම් මෙන්ම ඉදිරියේදී සහල් පෝලිම් ද ඇති විය හැකි බවද එම සංගමය පවසනවා.

එහි සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ සිංහල - හින්දු අලුත් අවුරුදු සමය වන විට සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යා හැකි බවයි.

මේ අතර, ගොවීන් තවදුරටත් චෝදනා කළේ මෙවර සිය වී අස්වැන්න සියයට 50 කින් පමණ අඩු වී ඇති බවයි.

මේ අතර අවුරුදු සමයට අවශ්‍ය හාල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබා දීමේ වැඩිපිළිවෙළක් සකස් කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

ඒ සදහා අවශ්‍ය මුදල් මේ වන විටත් වෙන් කොට ඇති බවද ඒ මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 27 March 2022 19:58