April 20, 2024

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ කුලිය කෝටි 65යි!

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාම සදහා ඉකුත් වසර හතර තුල (2017 මාර්තු මස සිට 2021 මාර්තු දක්වා) ගොඩනැගිලි කුලිවශයෙන් රුපියල් හැට පන්කෝටි අසු හය ලක්ෂ දෙදහස් හත්සියපනස්හතක (65,862,757) මුදලක් අරමුදල විසින් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන්.

කුලිපදනම වශයෙන් අදාල ගොඩනැගිල්ල තෝරාගැනිමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොතිබු බවද එම විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

මේ නිසා විකල්ප අවස්ථා ඇගයිම තුලින් ප්‍රසස්ථම විසදුම් තෝරාගැනිමට තිබු අවස්ථාව අරමුදලට අහිමිවි තිබු බවද විගණන වාර්තාවේ සදහන්.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු සිදුකරණ තෙක් සිමාසහිත නාගරික ආයෝජන හා සංවර්ධන පුද්ගලික සමාගමට අයත් සෙත්සිරිපායේ 11 වැනි අදියරේ 4 වැනි මහලෙහි ඩි පර්යන්තය කුලිපදනම මත තෝරාගෙන තිබුණා.

එහෙත් ප්‍රධාන කාර්යාලයේ කිසිදු අලුත්වැඩියා කිරීමකින් තොරව 2021 මාර්තු මස නැවතත් අරමුදලේ කාර්යාලය පැරණි ගොඩනැගිල්ල වෙත රැගෙන ගොස් තිබෙනවා.

එම පැරණි ගොඩනැගිල්ල තුල අරමුදලේ සියලු අංශ පවත්වාගෙන යාමට ප්‍රමානවත් නොවිම හේතුවෙන් නැවන වතාවක් මාසිකව රුපියල් 415000ක කුලී මුදලකට කොළඹ 07 බුලර්ස් පටුමගේ පිහිටි පුද්ගලික ස්ථානයක් ලබාගෙන  කාර්යාලයේ කොටසක් 2021 මාර්තුමස 16 වැනිදින සිට ස්ථාපිත කර තිබෙනවා.

මෙකී පුද්ගලික ගොඩනැගිල්ල තුල අරමුදලේ පාලන, මාධ්‍ය හා සංචාරක ප්‍රවර්ධන යන අංශ පමණක් මාස 08ක කාලයක් එම ස්ථානයේ පවත්වාගෙන ගොස් තිබුණා.

ඒ සදහා කුලී මුදල් වශයෙන් රුපියල් 33,20000ක මුදලක් ගෙවා තිබූ අතර පසුව එම අංශද කොළඹ 07 පිහිටි පැරණි ගොඩනැගිල්ල වෙත 2021 නොවැම්බර් මස 16 වැනිදින රැගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

නැවත වතාවක් වසර දෙකක කාලයක් සදහා (2021 දෙසැම්බර් මස 21වැනිදින සිට 2022 පෙබරවාරි 28 දක්වා) නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික ගොඩනැගිල්ලක මහල් දෙකක් රුපියල් 1,200,000 ක මාසික කුලිපදනම මත ලබාගෙන තිබෙනවා.

ඒ අනුව 2021 දෙසැම්බර් 01 වැනිදින සිට 2022 පෙබරවාරිමස 28 දක්වා මාස තුනක කාලයක් සදහා කුලි මුදල් ලෙස රු. 3,600,000 ක මුදලක් ගෙවා තිබුනද එම දෙවැනි මහල 2022 පෙබරවාරි මස 14 දිනතෙක් පරිහරණය කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන්.

එම මහල සදහා අදාල කාලයට ගෙවා ඇති කුලිය රුපියල් 1,500,000ක් පමණ වි තිබු අතර 2022 මාර්තු මාසය වනවිටත් කාර්යාලිය සැපයුම් අංශය එම මහල වෙත ගෙන ගොස් නොතිබු බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

 

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 27 March 2022 02:30