April 19, 2024

ජාවාරමකට සම්බන්ධ හිටපු ඇමති STF අත්අඩංගුවට! ලබන 7තෙක් රිමාන්ඩ්

ගජමුතු ගණුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු 5 දෙනා ලබන 7 දක්වා රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට අම්පාර මහේස්ත්‍රාත්වරයා නියම කළා.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාද සමඟ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක් තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔවුන් ගමන් ගත් ජීප් රථයේ රියදුරා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

සිද්ධියට අදාලව සිදුකරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට නියම කළා. 

හිටපු රාජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (25) පෞද්ගලික නවාතැන්පොලක සිටියදි අත්අඩංගුවට ගත් බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

ගජමුතු තුනක් කෝටියක මුදලකට අලෙවි කිරිම සදහා පැමිණ සිටියදි අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලිම සිදු කර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සතුව තිබි පිස්තොලයක් සහ හදුනා නොගත් පාෂානයක්ද අත්අඩගුවට ගෙන තිබුණා.

පණ්ඩු බණ්ඩාරනායක සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 March 2022 10:43