April 16, 2024

සත්තු වත්තේ සේවකයොත් සත්තු වගේ? - පශු වෛද්‍යවරයාට එළව එළවා පහර දෙයි (VIDEO)

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටින අතරතුරදී රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට එහි සේවකයින් පිරිසක් පෙරේදා (23) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ පශු වෛද්‍යවරයා මේ වන විට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.‍

රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලද ඩෝරා සිංහ පැටවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ‍ලෙස ප්‍රියසාද් එදිරිවර්ණ පසුගිය සමයේ මහත් කතාබහට ලක්වූ වෛද්‍යවරයෙක්.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සියලු පශු වෛද්‍ය නිලධාරීන්ඊයේ (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වුණා

ඒ රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයින් පිරිසක් එහි සේවය කරන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට පහරදීමේ සිද්ධියට අදාළව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමින්.

Rate this item
(0 votes)