April 25, 2024

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (25) දින දිවයිනේ P, Q, R, S, T, U, V සහ W යන ප්‍රදේශවලට පැය 04 යි මිනිත්තු 30ක් සහ සවස පැයයි විනාඩි 50ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවලට විදුලිය කැපෙන්නේ පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා සහ සවස 5.30 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ යි.

එමෙන්ම A, B, C, D, E, F, G, H, I, J, K සහ L යන ප්‍රදේශවල උදේ 8 සිට සවස 6 දක්වා පැය 3 යි මිනිත්තු 20 ක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි විනාඩි 40 ක කාලයක් ද විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

රට තුළ පවතින දැඩි තෙල් අර්බුදය සහ තෙල් ලබාගැනීමට මහ භාණ්ඩාගාරය සතුව ප්‍රමාණවත් ඩොලර් අවම වීම මෙම අර්බුදයට හේතුව වී තිබෙනවා.

Rate this item
(0 votes)