April 23, 2024

අද පාර්ලිමේන්තුව තීරණාත්මකයි - විමල් පෙරළියකට සූදානම්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද තීරණාත්මක පෙරළියකට සුදානම් බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

අද (23) පාර්ලිමේන්තුවේ ගැනීමට බලාපොරොත්තුවෙන විශේෂ තීරණය ගැන ඊයේ පැවැති සාකච්ඡාවේදි අවධානය යොමු කළ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ දේශපාලන පක්ෂ 11 ක සහභාගීත්වයෙන් ඊයේ පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

"අපේ පක්ෂ එකමුතුව කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කළා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට එනවා මීට පෙර සම්මත කළ පනතකට අනුව රෙගුලාසි පැනවීමක්. අපේ රටේ කෘෂිකාර්මික ප්‍රදේශවල ඉඩම් අයිතිය ගොවි ජනතාව ගෙන් පැහැර ගැනීමේ රෙගුලාසි ප්‍රමාණයක්. ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර අපි සාකච්ඡා කළා. අද පොහොට්ටුවේ බලකණු පවා තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වෙනවා. මේ තියෙන බල පෙරේතකමට එරෙහිව."

"ඇමෙරිකානු හිතවාදීන්ගේ මේ රට කොළණි ගත කිරීමට එරෙහිව. ඉතා බලවත් ක්‍රියා ක්‍රියාමාර්ග ඉදිරි කාලය තුළ අපි ගන්නවා. රට ගැන ඉතාම කණගාටුයි. නායකත්වයක් නැති අස්ථාවරත්වයක් කරා ගමන් කරලා තියෙනවා. ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග අපි සාකච්ඡා කළා. ජනාධිපතිවරණයක් ගැන අපේ සාකච්ඡාවක් නෑ. රට වැටිල තියෙන තැනින් කොහොමද ගොඩගන්නේ කියලා තමයි සාකච්ඡා කළේ. ආණ්ඩුව සම්බන්ධයෙන් අපේ තියෙන චෝදනා පත්‍රය ඉදිරි කාලයකදී අපි ඉදිරිපත් කරනවා. ඉන්දියාවෙන් කීයක් හරි අරන් ඇවිත් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒකෙන් වෙන්නේ ඊළඟ අවුරුද්දේ ප්‍රශ්නය තවත් වැඩි වෙනවා."

Rate this item
(2 votes)