March 29, 2024

සුපිරි රථ පෙළපාලිය ගැන පොලිසියෙන් නිවේදනයක්

කල්පිටියේ සිට අනුරාධපුර දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මීරිගම සිට පැමිණි යතුරුපැදි සවාරිය නතර කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඊයේ (17) දිනයේ සිට හෙට (19) දිනය දක්වා පැවැත්වීමට නියමිත තිබූ මෙම යතුරුපැදි සවාරිය සම්බන්ධයෙන් මේ වන විටත් සමාජය තුළ දැඩි කතා බහක් මතුව තිබෙනවා.

ඒ, අදාල යතුරුපැදි සවාරියට ඊයේ (17) දිනයේ දී පුත්තලම, දළුව ප්‍රදේශයේ දී එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන්.

සුපිරි පන්නයේ යතුරුපැදි සහ අධි සුඛෝපභෝගී රථ යොදාගනිමින් මෙම රථ සවාරිය කල්පිටියේ සිට අනුරාධපුර ගමන්කිරීමට නියමිතව තිබූ අතර දළුව ප්‍රදේශයේ දී ඊට එල්ල වූ දැඩි විරෝධයත් සමඟයි ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් මතුව ඇත්තේ.

කෙසේ වෙතත් මෙම යතුරුපැදි සවාරිය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මෙම යතුරුපැදි සවාරියට විරෝධතාව පළකළ පුද්ගලයින් පවසා සිටියේ ඉන්ධන හිඟයක් පවතින මෙම කාලවකවානුව තුළ ඉන්ධන විශාල වශයෙන් නාස්තිකරමින් මෙවැනි කටයුතු සිදු කිරීම ඵලදායි නොමැති ක්‍රියාවක් බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

 

Rate this item
(0 votes)