April 20, 2024

දුමක් නිසා ජනතාව තවත් සෞඛ්‍ය ගැටලුවක

හැටන් දික්ඔය නගර සභාවට අයත් හැටන් තරු චතුරස්‍රය අසල ඉරිදා පොල භුමියේ දිනපතා ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය නගර සභා සේවකයින් විසින් පිලිස්සිම හේතුවෙන් ප්‍රදේශය පුරා හමා යන දුමාරය හේතුවෙන් පාසල් ළමුන් මෙන්ම බස් නැවතුම්පොල භූමියට පිවිසෙන මගින්ද දැඩි අසිරුතාවයට පත් වී ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

හැටන් දික්ඔය නගර සභාව විසින් දිනපතා එක්රැස් කරනු ලබන කැලි කසල ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉරිදා පොල භුමිය වෙත රැගෙනවිත් ගොඩ ගසන බවත්, එසේ රැගෙනවිත් ගොඩ ගසන කැලි කසල වලින් කොටසක් නගර සභා සේවකයින් විසින් එම ස්ථානයේදිම පුලුස්සන බවයි එම ස්ථානය අවට පිහිටි වෙදසැල් වල ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

එසේ කැලි කසල පිලිස්සිම නිසා එම කැලි කසල වලින් නිකුත් වන දුමාරය ප්‍රදේශය පුරා පැතිර යාම හේතුවෙන් ශ්වසන රෝගද ඇති විමේ අවධානමක් පවතින බවයි හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අපි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ සේවකයින්ගෙන් කල විමසුමකට ඔවුන් කියා සිටියේ හැටන් නගරයේ රාත්‍රියේ කුලී ත්‍රිරෝද රථ ධාවනය කරන රියදුරන් අලුයම් කාලයේ සීතල තැපීම සදහා එම ස්ථානයට එක්රැස් වී ගොඩ ගසා ඇති කැලි කසල පුලුස්සන බවයි.

නගර සභාව විසින් දිනපතා එම ස්ථානයේ එක්රැස් කරන කැලි කසල වෙන් කර පසුව රැගෙන යන බවද එම සේවකයින් පැවසුවා.

Rate this item
(0 votes)