April 25, 2024

රුපියල අවප්‍රමාණය වීම වාසියට හරවා ගත් කූඨ ව්‍යාපාරිකයින් 26ක් ගැන හෙළිදරව්වක්

මෙරට කර්මාන්ත ක්ෂේස්ත්‍රයේ ව්‍යාපාරිකයින් රැසක් රුපියල අවප්‍රමාණය වීමට පෙර මෙරටට රැගෙන ආ අමුද්‍රව්‍ය තොග සඟවා තබා ගනිමින් වැඩි මිලට විකිණීමේ කූඨ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේ ව්‍යාපාරිකයන් 26 දෙනකු මෙම ජාවාරම පිටුපස සිටින බවයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දක්වා සිටියා,

"මේ රටේ ජනාධිපතිගෙවත්, අගමැතිගෙවත් ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. මේ රටේ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා නියමුවන්ගේ ගැටලුවක් මේ තියෙන්නේ. ඒගොල්ලො බඩු ටික ගේනවා මාස දෙකකට විතර කලින් ගෙනල්ලා ස්ටොක් කරගෙන ඉදලා රුපියල අවප්‍රමාණය වෙනකොට , ඩොලර් 1 ඉහළ යනකොට ඒකට සාපෙක්ෂව ඇනලයිසිස් කරලා මේ යකඩ වලයි, සිමෙන්ති වලයි මිල වැඩි කරනවා. මේක කොච්චර අසාධාරණයක් ද කියන්න. මේක නතර වෙන්න ඕනේ. 10 වෙනිදා වෙනකොට තිබුණ යකඩ ටොන් එක දෙලක්ෂ අසූ අට දාහේ සිට ලක්ෂ 3ට වඩා අධික මිලකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ඔවුන් කලින් සල්ලී බැදපු ඒවත් රිටන් කරනවලු වැඩිපුර මුදල නොගෙව්වොත්. එහෙම න්‍යායක් තියෙනවද රටක? සිමෙන්ති සම්පූර්ණ කොට්ටයක මිල රුපියල් 475කින් වැඩි වුණා."

"හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා. මාර්තු මාසේ 7 වෙනිදා පටන් ගත්තේ අද 16. සතියක් ඇතුලත 1900යි. එක සිමෙන්ති කොට්ටයක් ඇවිත් නැහැ වෙලදපොළට. මම අහනවා ඔය සිමෙන්ති නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය කවදද ගෙනාවේ රටට? මේ රටේ කූඨ ව්‍යාපාරිකයින් 26 දෙනෙක් ඉන්නවා. මේ අයගේ වතගොත හොයලා පරීක්ෂණය කරලා මේ ස්ටොක් කරගෙන ඉන්න භාණ්ඩ මේ ගොල්ලේ ආනයනය කරන විදියට ඩොලර් එක ඉහල යනකොට රුපියල වැඩි කරනවා. හාඩ්වෙයාර් එකට ගියාම බඩු තියෙනවද ගන්න? උනුත් හංගලා තියෙන්නේ බඩු. මේ කූඨ වෙලෙන්දෝ , කූඨ ව්‍යාපාරිකයින් , නිශ්පාදන කර්මාන්තශාලා අයිතිකාරයින් මුන් ඔක්කොම කරන්නේ කූඨ ව්‍යාපාර ලංකාවේ."

Rate this item
(1 Vote)