April 24, 2024

කොළඹ ප්‍රධාන තැන් දෙකකින් සජබ විරෝධතාව ඇරඹෙයි

අද පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතා පෙළපාලියට සහභාගී වීමට මේ වන විට සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණෙමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ බස් රථ මඟින් එම පිරිස් කොළඹට පැමිණෙන බවයි. 

මේ වන විට අපට වාර්තා වන්නේ ඔවුන්ට කිසිදු බාධාවකින් තොරව එම පෙළපාලියට සහභාගී වීමට පොලිසියෙන් සහයෝගය ලැබී ඇති බවයි.

කෙසේවෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරු නම් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ කුමන බාධා එල්ල වුවත් මෙම සටන අත් නොහරින බවයි.

මෙම විරෝධතාවය පාගමන් දෙකකින් ආරම්භ කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එක් පා ගමනක් පස්වරු 01.00ට මහජන පුස්තකාලය ඉදිරිපිටින් සහ අනෙක් පා ගමන මාලිගාවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටින් පස්වරු 01.00ට ගමන් ආරම්භ කර තිබෙනවා.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2022 14:12